මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිය බලාපොරොත්තු අහිමි කර ගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක මහා බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ ට සිදු විය. ඒ .තරගාවලියේ හතරවැනි වටයේ පැවිත තරගයකින් ජර්මනියේ මීෂා ස්වෙරෙව් හමුවේ තරග වට 3-1 ක් ලෙසින් පරාජයට පත් වීම නිසායි. දෙවරක් ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් ශූරතාවන් දිනා ඇති ඇන්ඩි මරේ පස්වරක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවස්න වටයට පිවිසීමට සමත් වී ඇති අතර ඊට පසුගිය අනුශූරතාවද අන්තර්ගතය. කෙසේ වෙතත් ඇන්ඩි මරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක මූලික වටයන්ගෙන් ඉවත් වීමට සිදුවූයේ 2009 වර්ෂයෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.
මේ අතර පසුගිය වර ශූර නොවැක් ජොකොවිච් මෙවර තරගාවලියේ දෙවැනි වටයේදීම පරාජයට පත්වීමෙන් මීට පෙර තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.