දිගු කළක් වේදනාවෙන් පෙනෙන්නෙකුට වෛද්‍යවරයෙකුගෙන් නිර්දේශ ලබාගෙන සිය ජීවිතය අවසන් කිරීමේ අවස්ථාව ඇතැම් රටවල්හි ක්‍රියාත්මක කරයි. බෙල්ජියමේද මෙය ක්‍රියාත්මක අතර බෙල්ජියානු පැරාලිම්පික් ක්‍රිඩිකා මරියේකේ වෙර්වූට්ද එසේ සිය ජීවිතය අවසන් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලිවලට 2008 වසරේදී අත්සන් තබා ඇති ක්‍රීඩිකාවකි.
ඒ අනුව ඇය තම මරණ සහතිකය අතේ තබාගෙන සිටින ක්‍රීඩිකාවක් ලෙසින්ද අර්ථ දැක්විය හැකිය. නමුත් මරණය නම් ඇයට ලේසියෙන් පැමිණෙන බවක් නොපෙනේ.
බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝ නුවරදී මේ වන විට පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියට බෙල්ජියම් කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටින වෙර්වූට් සෙනසුරාදා පැවැති මිටර් 400 රෝද පුටු තරගයේදී රිදී පදක්කම දිනා ගැනිමට සමත්වූවාය.
තම දිවියේ හොඳ දේවල්වලට වඩා නරක දේවල් වලට මුහුණ දී ඇති බව පවසන වෙර්වූට් පවසන්නේ මේ වන විට තමා දිවියේ සෑම කුඩා අවස්ථාවක් පවා විනෝදයෙන් ගත කරන බවයි. මාංශ පේසි පිරිහීමේ රෝගයට මුහුණ දී ඇති වෙර්වූට් ඇවිදීමට හැකියාවක් නොමැත. ඇයගේ උදව්වට තිබෙන්නේ රෝද පුටුවකි.
"මට හොඳ දවස්වලට වඩා නරක දවස් පැමිණෙන විට මම ඒ සඳහා අත්සන් කළා. නමුත් ඒ සඳහා (ජීවිතය අවසන් කිරීමට) කාලය පැමිණ නෑ" යැයි ඇය සෙනසුරාදා ලැබූ ජයග්රහණයෙන් පසුව මාධ්‍යවට පැවැසුවාය.
කෙදිනක හෝ සිය මරණය තෝරා ගන්නා බව පවසන මේ ක්රිඩිකාව 2012 වසරේ ලන්ඩන් නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියේදී රෝද පුටු තරගවලදී මීටර් 100 රන් පදක්කම මෙන්ම මීටර් 200 රිදී පදක්කමද දිනා ගැනීමට සමත්වූවාය.
37 හැවැරිදි වෙර්වූට් පවසන්නේ සිය අවසන් පැරාලිම්පික් තරගාවලිය රියෝ තරගාවලිය වෙනු ඇති බවයි. ඒ අනුව සිය රියෝ පදක්කම පසුපස සතුටු මෙන්ම කඳුළුද තිබෙන බව ඇය පවසන්නීය.
“ඔව් මම රිදී පදක්කමක් දිනුවා තමයි. නමුත් මේ පදක්කමේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි වේදනාවෙන් පිරුණ පැත්තක් ක්‍රීඩාවට සමුදීම. මම ක්‍රීඩාවට කැමතියි. ක්‍රීඩාව මගේ ජීවතයයි.”
ජීවත්වූ කාලය අවසන් වූ විට තමා අත්සන් කළ ඇති විකල්පය තෝරා ගන්නා බවද ඇය පවසන්නීය.
“මම දන්නවා ඒක මට ඇතිවෙන්නේ කවදාද? එදාට මට ලියවිලි තිබෙනවා”