මම සංගා හෝ මහේල ආවට ගැටලුව විසඳෙන්නේ නෑ
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මේ වන විට ගැටලුවක පසුවෙන බවද තමා, කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන කණ්ඩායමට ගෙන ඒම ඊට විසඳුමක් නොවන බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය මුරලි දැක්වූ මෙම අදහස් වාර්තා කර තිබෙන අතර තවදුරටත් මෙහිදී මුරලි පවසා ඇත්තේ කණ්ඩායමේ යම් ගැටලුවක් ඇති බවත් දක්ෂතා පහත බැස ඇති බවත්ය.
“මගේ විශ්රාම ගැනීමෙන් පසුව මම ශ්රී ලංකා ක්රිකට් ආයතනය හා එක්ව කටයුතු කළේ නෑ. මේ වන විට අවුරුදු 5-6ක් ගතවෙලා තිබෙනවා. මම දන්නේ නෑ එහෙ මොනවද වෙන්නේ කියලා. එම ආයතනය සමග සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ ගැන කතා කිරීම නිවැරදි දෙයක් නෙමෙයි.
කොහොම වුණත් ඇත්තටම ප්රශ්නයක් තිබෙනවා. කණ්ඩායමේ දක්ෂතා පහත බැස තිබෙනවා. ඔවුන් එය නිවැරදි කර ගත යුතුයි. මම, සංගක්කාර හෝ මහේල ගෙන ඒම මෙයට විසඳුමක් නෙමෙයි.
මොකද අපි අනෙකුත් වැඩ හා කාර්ය බහුල වෙලා ඉන්නේ. සංගක්කාර තවමත් ක්රීඩා කරනවා. මහේල හා මම පුහුණුකරු ධුර නිසා කාර්ය බහුල වෙලා ඉන්නේ. ඉතින් ඔවුන්ම එයට විසඳුමක් සොයා ගත යුතුයි”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

