ලෝක කුසලානයක් ජයග්‍රහණය කළද තමන් තවමත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා සුදුසු නැති බව ශ්‍රී ලංකාවට වසර 18කට පසුව ලෝක කුසලාන තරගාවලි ජයක් ගෙනදුන් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා සඳහන් කරයි.
ඇන්ඩි ෆ්ලවර්ගෙන් පසුව හිස්වු එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගන්නවාද යනුවෙන් ඩේලි මේල් වෙබ් අඩවිය කර තිබෙන විමසුමකට ප්‍රතිචාර දක්වමින් ෆාබ්‍රේස් මහතා ඉහත අදහස් ප්‍රකාශ කර ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ෆාබ්‍රේස් මහතා පවසන්නේ එංගලන්ත තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු තරගාවලියක් නොවනු ඇති බවයි.
ඩේලි මේල් ඇසුරෙනි