විදේශ රටවලින් ලැබුණු ආධාර මුදල් වංචා කළ බවට ප්රවෘත්ති සාකච්ඡාවකදී තමාට කළ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලීමින් පාපන්දු සංගමයේ හිටපු සභාපති මනිලාල් ප්රනාන්දු මහතා විසින් පාපන්දු සංගමයේ සභාපති රංජිත් රෝඩ්රිගූ මහතාට විරුද්ධව කොළඹ දිසා අධිකරණය හමුවේ අද (21දා) නඩුවක් පවරණ ලදි.
සුනාමියෙන් විපතට පත් වූවන්ට නිවාස තනා දීම සඳහා විදේශ රටවලින් ලැබුණු ආධාර මුදල් වංචා කළ බවට පැවසීම මගින් ශ්රී ලංකාවේ පාපන්දු සම්මේලනයේ සභාපති මෙන්ම ආසියානු පාපන්දු සංගමයේ උප සභාපතිධූර දරා ඇති තමන්ගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වූ බව පවසමින් මනිලාල් ප්රනාන්දු මහතා මෙම වන්දි නඩුව පවරා ඇත.