ජැමෙයිකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර උසෙන් බෝල්ට්ට සිය ඔලිම්පික් රන් පදක්කම් 9න් එක් රන් පදක්කමක් අහිමිවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ 2008 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලියේදී මිටර් 100 සහාය දිවීමේ තරගය ජයගත් ජැමෙයිකානු කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු තහනම් උත්තේජන ලබාගෙන ඇති බවට තහවුරු වීමත් සමගිනි.
එම කණ්ඩායම නියෝජනය කළ නෙස්ටා කාටර් මෙම තරගයේදී තහනම් උත්තේජන ලබාගෙන ඇති බවට හෙළිවී තිබේ.
ඒ අනුව එම තරගාවලියේදී ඔවුන්ට හිමිවූ රන් පදක්කම නැවත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට බාර දීමට සිදුවෙන අතර උසෙන්ට ඒ අනුව එක් රන් පදක්කමක් අහිමිවෙයි.
2008 බීජින්, 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් තරගාවලයන්හිදී මිටර් 100, 200 හා 100x4 යන ඉසව් ත්රිත්තවයන්ගෙන් බෝල්ට් රන් පදක්කම් 9ක් හිමිකරගෙන තිබුණි.
ලෝකයේ එවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා ක්‍රීඩකයා බටවත් බෝල්ට් ඉතිහාසයට එක්ව තිබුණි. කෙසේ වෙතත් නෙස්ටා කාටර් නිසා බෝල්ට්ට එක් රන් පදක්කමක් අහිමිවෙනු ඇත.
නෙස්ටා කාටර් (වමේ සිට දෙවැන්නා) බෝල්ට් (වමේ සිට තෙවැන්නා)