සිය මලල ක්‍රීඩා දිවියේ පළමු පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම හිමිකරගැනීමට ලෝක ශූර කෙටිදුර ධාවන ක්‍රීඩක උසේන් බෝල්ට් සමත්විය. ඒ තරගාවලියේ මීටර් 100x4 සහය දිවීමේ ඉසව්ව ජැමෙයිකානුවන් ජයග්‍රහණය කිරීමට සමත්වීමත් සමගිනි.
උසේන් බෝල්ට්ගේ ක්‍රීඩා දිවියේ ඔහු පළමුවරට පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියක දී තරග කළ පළමු ඉසව්වද මෙය වන අතර, එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිවූයේ එංගලන්ත කණ්ඩායමටයි.