බොක්සිං ක්‍රීඩකයන්ගේ මොළයට සිදුවන ආබාධ සියුම්ව පරීක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත බොක්සිං පාලනාධිකාරිය නවතම ස්කෑනර් යන්ත්‍රයක් හඳුන්වාදීමට කටයුතු සංවිධානය කර ඇත.
මොළය තුළ සිදුව ඇති ආබාධිත තත්ත්වයන්, එනම් ලේ ගලනයන්, තැලීම් ආදිය මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් මිනිත්තු තුනක් ඇතුළත 90% ක් පමණ නිවැරදිව සොයා ගැනීමට සමත් වේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය බොක්සිං පාලනාධිකාරිය විසින් මෙම ස්කෑනර් යන්ත්‍රය එළඹෙන (26දා) බොක්සින් තරගකරුවන්ට හඳුන්වාදීමට නියමිතය. පසුගිය කාලයේදී බ්‍රිතාන්‍ය අන්තර්ජාතික බොක්සිං ශූරයන් රාශියක් තරග තුළ හිසට නොයෙකුත් ප්‍රහාර එල්ල කිරීමෙන් ජීවිතක්ෂයට පත්වීම බහුලව දැකගත හැකිය.
පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස ලන්ඩන්හි පැවැති බ්‍රිටිෂ් මිඩිගේවෙයිට් තරගයේ දී එංගලන්ත බොක්සිං ශූර 25 වියැති මයික් ටොවෙල් ජීවිතක්ෂයට පත් වූයේ හිසෙහි ඇති වූ දරුණු ආබාධයක් නිසාවෙනි. එය එංගලන්ත ඉතිහාසයේ පසුගිය වසර 21 තුළ මියගිය තුන්වන බොක්සිං ශූරයා විය. එමෙන්ම එංගලන්ත හිටපු බොක්සිං ශූර නික් බ්ලැක්වෙල් ද පසුගිය මාර්තු මාසයේදී රෝහල් ගත කරනු ලැබුවේ තරගයක් අතරතුර හිසෙහි සිදුවූ ලේ ගැලීමක් නිසාවෙනි.
පසුගිය මාර්තු මාසයේදී බොක්සිං ක්‍රීඩාවේ තරගකරුවන් නිරන්තරයෙන් මෙසේ හිසේ දරුණු ආබාධයන්ට ලක්වන බැවින් බ්‍රිතාන්‍ය සහා අයර්ලන්ත බොක්සිං සංගමය මෙම ස්කෑනර් යන්ත්‍රය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මෙම උපකරණය තරගකරුවන්ට හඳුන්වාදීමෙන් තරග අතරතුර යන බොක්සිං තරගකරුවන්ට හිසෙහි වේදනාවක් ඇති වන අවස්ථාවලදී මෙමගින් පරීක්ෂා කරගත හැකි බවත්, එමගින් අනෙක් බොක්සිං ක්‍රීඩකයන්ටද හදිසි ආබාධයකදී උදවු කිරීමට හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත බොක්සිං සංගමයේ උපසභාපති ගැන්ලුකා දි කැරෝ විදේශ මාධ්‍ය මහුවේ ප්‍රකාශ කර ඇත.
ෂෙහානි දිල්රුක්ෂිකා