ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති තනතුර සඳහා හිටපු සභාපති සුරාජ් දන්දෙණිය මහතා අද (27දා) නිතරගයෙන් තේරීපත්විය.
කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මෙම නිලවරණයේ සභාපති තනතුර සඳහා දන්දෙණිය මහතාට අමතරව උපාලි අනුරුද්ධ හා මහාචාර්ය රංජිත් ද සිල්වා යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබුණි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම සභාපති තනතුරට තරග නොකිරීම හේතුවෙන් නිතරග අවස්ථාව දන්දෙණිය මහතාට හිමිවිය.
නව නිලධාරී මණ්ඩලය
සභාපති - සුරාජ් දිල්රුක් දන්දෙණිය
උපසභාපති - උපාලි තෙන්නකෝන්, දිවාකර රත්නදොරේ, විජය ලක්ෂමි පුංචිහේවා, ජීවන් ජයතිලක, රවීන්ද්‍ර ප්‍රසාද්
ලේකම් - අමල් ඩයස්
උපලේකම් - ජයමිණි ඉලේපෙරුම
භාණ්ඩාගාරික - රුවන් ගාල්ලගේ
උපභාණ්ඩාගාරික - සදීප් රත්නායක