ජනාධිපති බාලදක්ෂ පදක්කම් දිනූ බාලදක්ෂයන් 1300 කට ජානාධිපති බාලදක්ෂ සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති බාලදක්ෂ පදක්කම් දිනූ බාලදක්ෂයන් 1300 දෙනාටම ජනාධිපතිතුමා අතින් සහතික පත්‍ර පිරිනැමීම මෙවර විශේෂත්වයක් විය.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය