එංගලනත් කණ්ඩායමේ පන්දුවාර විස්සයි20 නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් එළඹෙන ශ්‍රී ලංකා- එංගලන්ත පන්දුවාර විස්සයි20 තරගයටත්, එක්දින තරගාවලියටත් එක් නොවෙනු ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ දණහිසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් බ්‍රෝඩ් මෙසේ සීමිත පන්දුවාර තරගාවලියෙන් ඉවත්වී තිබේ. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ සූදානමින් පසුවෙයි.