අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති ජෝසප් සෙෆ් බ්ලැටර්ට හා යුරෝපා පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මිකෙල් ප්ලැට්නිට වසර 8 ක සියලු පාපන්දු ක්‍රියාකාරකම් වළක්වමින් තහනමක් පනවා තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අරමුදල් අවභාවිත කිරීම හා ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නිලවරණයේදී මුදල් අක්‍රමිකතා සිදුකළා යැයි චෝදනා නගමින් මීට පෙර ඔවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පනවා තිබුණි.
කෙසේ වෙතත් එම තහනමට අභියාචනා ඉදිරිපත් කළ ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් සිදුකළේය. ඒ අනුව 2011 වසරේදී අපක්ෂපාතීව පාපන්දු මුදල් භාවිතකිරීමේදී සාපරාධී කටයුතු හා ඒවා උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.3 ක මුදලක් අවභාවිත කිරීමේ පරීක්ෂණයේදී ඔවුන් වරදකරුවන් බවට පත්ව තිබේ.
79 හැවිරිදි ෆිෆා සභාපතිවරයා එළැඹෙන වර්ෂයේ පෙබරවාරි මස පැවැත්වෙන පාපන්දු නිලවරණය සඳහා ඉදිරිපත් නොවන බවද මේ වනවිට නිවේදනය කර තිබේ.
එමෙන්ම බ්ලැටර්ට හා ප්ලැට්නිට දඩ පැනවීමටද කටයුතු කර තිබේ. ඒ අනුව බ්ලැටර්ගෙන් බ්‍රිතාන්‍ය පවුම් 37,700 ක්ද ප්ලැට්නිගෙන් බ්‍රිතාන්‍ය පවුම් 54,000 ක්ද දඩ වශයෙන් අයකර ගැනීමට නියමිතය.
මෙහිදී බ්ලැටර්ට හා ප්ලැට්නිට එරෙහිව ඉතා ඉක්මනින් අදාළ තහනම් ක්‍රියාත්මක කිරීමටද නියමිතය. 1998 වසරේ සිට සෙෆ් බ්ලැටර් ජාත්‍යන්තර පාපන්දු සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ අතර, ප්ලැට්නි තෙවරක් යුරෝපීය පාපන්දු ක්‍රීඩකයා ලෙසද ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙසද 2007 වසරේ සිට යුඑෆාහි ප්‍රධාන විධායකයා ලෙසද කටයුතු කර තිබේ.
ඔවුන්ට මෙම දඬුවම් පනවා තිබෙන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ධර්ම කමිටුව මගිනි.