ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාවත්, පාකිස්තානය හමුවේ බංග්ලාදේශයත් පරාජයට පත්වූ හෙයින් බංග්ලාදේශයට මෙන්ම ඔස්ට්‍රේලියාවට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
සත්කාරක බංග්ලාදේශ කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් පාකිස්තානු කණ්ඩායමට ලකුණු 50 ක පහසු ජයක් හිමිවිය.
ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 73ක පරාජයක් හිමිවිය. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම මූලික වටයේ තමන් සහභාගී වූ තරග තුනම පරාජය විය. ඉන්දීය කණ්ඩායම මුහුණ දුන් තරග 4 ම ජය ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසියේය. මෙම තරග ද්විත්වයම මීර්පූර්හි ශෙරේ බංග්ලා පිටියේදී පැවැත්විණි.
පාකිස්තාන හා බංග්ලාදේශ තරගයේදී තරගයේ වීරයා ලෙසින් අහමඩ් ශේෂාඩ්ද, ඉන්දියා හා ඔස්ට්‍රේලියා තරගයේදී තරගයේ වීරයා ලෙසින් රවිචන්ද්‍රන් අශ්වින්ද සම්මාන ලැබූහ.
ඉන්දියාව පන්දුවට පහරදීම 159/7
යුවරාජ් සිං 60 (පන්දු 43, 4x5, 6x4)
එම්.එස්. දෝනි 24 (පන්දු 20, 4x1, 6x1)
ග්ලේන් මැක්ස්වෙල් 1/20 (පන්දුවාර 4)
ඩග් බොලින්ජර් 1/24 (පන්දුවාර 4)
ඔස්ට්‍රේලියාව 86/10
ග්ලේන් මැක්ස්වෙල් 23 (පන්දු 12, 6x3)
ඩේවිඩ් වෝනර් 19 (පන්දු 21, 4x1, 6x1)
රවින්ද්‍රන් අෂ්වින් 4/11 (පන්දුවාර 3.2)
අමිත් මිෂ්රා 2/13 (පන්දුවාර 3)
පාකිස්තානය 190/5 (පන්දුවාර 20)
අහමඩ් ශේෂාඩ් නොදැවී 111 (පන්දු 62, 4x10, 6x5)
ශොයිඩ් මලික් 26 (පන්දු 23, 4x2)
අබ්දුල් රසාක් 20/2 (පන්දුවාර 4)
ශකීබ් අල් හසන් 21/1 (පන්දුවාර 4)
බංග්ලාදේශය 140/7 (පන්දුවර 20)
ශකිබ් අල් හසන් 38 (පන්දු 32, 4x2, 6x2)
නසීර් හුසේන් 23 (පන්දු 19, 4x1)
උමාර් ගුල් 30/3 (පන්දුවාර 4)
සහීඩ් අජ්මාල් 20/2 (පන්දුවාර 3)