තම පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවෙන් නිදහස් වුවත් සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් කිරීමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකානු ජාතික පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට වසර පහක සිරදඬුවමක් නියම වී තිබේ.
මෙම දඬුවම සඳහා ඇපෑලක් ඉදිරිපත් කිරීමට පිස්ටෝරියස් අදහස් නොකරන බවද ඔහුගේ පවුල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2013 වසරේ පෙබරවාරි 14දා පිස්ටෝරියස් විසින් කරනු ලැබූ වෙඩි තැබීමකින් ඔහුගේ පෙම්වතිය වූ රීවා ස්ටෑන්කෑම්ප් ජිවිතක්ෂයට පත්විය.
සිද්ධියට අදාළ නඩු විභාගය මාස 7කට ආසන්න කාලයක් පැවැතිණි.