ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ඩුබායි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය අයහපත් කාලගුනය හේතුවෙන් අද (11 ) නවතා දමන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 123.3 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 330 ක් රැස්කරගෙන සිටියි. එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා පාකිස්තානු කණ්ඩයම සිය දෙවැනි ඉනිම ලකුණු 107ක් ඉදිරියෙන් පසුවෙයි.
ඊයේ(10) තරගය නිමා කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 132 ක් රැස් කරගෙන සිටියේය. පාකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුනු 19 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නමුත් නායක මිස්බා උල්හක් සමගන් එක්වූ යුනිස් ඛාන් පාකිස්ථානු ඉනිම ගොඩ නැගූහ. අද දවසේ පළමු කඩුල්ල ලෙස යුනිස්ඛාන් දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය. නායක මිස්බා උල්හක් ලකුණු 97 කට දවා ගැනීමට රංගන හේරත් සමත් විය. සෆ්රාස් අහමඩ් (70) හා සහීඩ් අජ්මාල් (7)නොදැවී පිටියේ රැදී සිටිති. අද (11) තරගය නිමාකරන විට තවත් පන්දුවාර 15 ක් යොමුකිරීමට තිබූණි. ඒ අනුව හෙට (12) තරගය නියමිත වේලාවට කලින් එනම් ඩුබායි වේලාවෙන් පෙරවරු 9.36ට ආරම්භ වීමට නියමිතය. මෙරට වේලාවෙන් හෙට (12) පෙරවරු 11.06ට තරගය ආරම්භ වනු ඇත.
අද දිනයේදී සිය ටෙස්ට් ක්‍රීඩා දිවියේ සිවුවැනි අවස්තාවට කුමාර සංගක්කාර පන්දු යැවීමටද කටයතු කළේය. සංගා සිය පන්දුවාරය තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 7 ක් ලාබා දුන්නේය.
චානක චන්ද්‍රසේකර/මංජු ප්‍රදීප්
පාකිස්තානු පළමු ඉනිම 165/10 (පන්දුවාර 63.5)
කුරාම් මන්සූර් 73 (පන්දු 136, 4x7, 6x1)
බිලාවල් බහට්ටි (නොදැවී) 24 (පන්දු 49, 4x3, 6x1)
මොහොමඩ් හෆීස් 21 (පන්දු 59, 4x4)
යුනිස් ඛාන් 13 (පන්දු 29, 4x1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 62/3 (පන්දුවාර 18)
රංගන හේරත් 26/3 (පන්දුවාර 10.5)
ශමින්ද එරංග 25/2 (පන්දුවාර 14)
සුරංග ලක්මාල් 45/2 (පන්දුවාර 21)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 388/10 (පන්දුවාර 134)
මහේල ජයවර්ධන 129 (පන්දු 278, 4x15)
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 42 (පන්දු 88, 4x5)
කෞෂාල් සිල්වා 95 (පන්දු 221, 4x10)
දිමුත් කරුණාරත්න 32 (පන්දු 43, 4x7)
කුමාර් සංගක්කාර 26 (පන්දු 36, 4x4)
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 102/3 (පන්දුවාර 36)
රහට් අලි 131/2 (පන්දුවාර 36)
සයීජ් අජ්මාල් 56/2 (පන්දුවාර 34)
බිලාවල් බහට්ටි 80/1 (පන්දුවාර 22)
මොහොමඩ් හෆීස් 11/1 (පන්දුවාර 6)
පාකිස්ථානු දෙවැනි ඉනිම 330/07 (පන්දුවාර 123.3)
මිස්බා උල්හක් 97 (248, 4x8, 6x1)
යුනිස් ඛාන් 77 (173, 4x5)
ශ්‍රී ලංකා පන්දු යැවීම
නුවන් ප්‍රදීප් 2/50 (පන්දුවාර 19)
රංගන හේරත් 2/124 (පන්දුවාර 43.3)
ශමින්ද එරංග 2/70 (පන්දුවාර 33)