(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉනිමට ලකුණු 42ක් එක්වන විට පිටියෙන් ඉවත්කිරීමට අන්වර් අලී කටයුතු කිරමත් සමග ලකුණු 317ක දැවැන්ත ඉලක්කය නොපෙනෙන ඉමක් කරා ගියේය. පන්දුවාර 10ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 52ක් රැස්කරග සිටියි.
තරංග 1*
ළහිරු 15*
කුසල් 20
ඩිල්ෂාන් 14
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තෙවැනි එන්දින තරගයේදී සංචාකරක පාකිස්තාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ලබාදුන් ශක්තිමත් ආරම්භය මැදපෙළ පිතිකරුවන් විසින් වේගවත්ව ඉදිරියට පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 317 අසිරු ඉලක්කයක් ලබාදිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ආර්. ප්‍රේමදාස පිටියේ රාත්‍රි යේදී ලකුණු 317 ත ඉලක්කයක් යනු අසීරු ඉලක්කයකි.
තරගයේදී සිය එක්දින දිවියේ ලකුණු 1000 සීමාව පසුකර යාමට අලී සමත්වූ අතර ඔහුට ඒ සඳහා වැයව ඇත්තේ තරග තරග 23ක් වන අතර ලකුණු 1000 සීමාවට වේගයෙන්ම ළගාවූ හත්වැනි පිතිකරු ඔහු වෙයි.
පාකිස්තානු පිතිකරුවන් අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 93ක් උදුරාගත්තේය. පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු සබඳතාවක් පැවැත්වූ සොයිබ් මලික් හා මොහොමඩ් රිස්වාන් පන්දු 32කදී ලකුණු 59 රැස්කළේය.
ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළ ලසිත් මාලිංගගෙන් ලකුණු 21ක් උදුරා ගැනීමට මලික් හා රිස්වාන් සමත්වූහ.
දෙවැනි තරගයේ තරම් නොමැති වුවත් මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම හොඳ මට්ටමක නොපැවැතියේය.
ආර්. ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු හබාගෙන හොස් තරග 5ත් ජයගන්නා විට තරග 10ක් පරාජයවී තිබේ.
පාකිස්තානය පන්දුවට පහරදීම 316/4 (පන්දුවාර 50)
සෆ්රාස් අහමඩ් 77 (පන්දු 74, 4x7), මොහොමඩ් හෆීස් 54 (පන්දු 64, 4x4), අසාර් අලී 49 (පන්දු 59, 4x4), අහමඩ් ශේෂාඩ් 44 (පන්දු 54, 4x4), සොයිබ් මලික් 42* (පන්දු 29, 4x5), මොහොමඩ් රිස්වාන් 35 (පන්දු 22, 4x2, 6x1), ලසිත් මාලිංග 80/1 (පන්දුවාර 10), සචිත් පතිරණ 49/1 (පන්දුවාර 10), තිසර පෙරේරා 63/0 (පන්දුවාර 10), ණුවන් ප්‍රදීප් 47/9 (පන්දුවාර 9)
තරගයේ 34 වැනි පන්දුවාරය අවසන් වින විට වර්ශාව පතිත වුවත් නැවතතත් තරගය ආම්භ වී තිබේ. පාකිස්තාන කණ්ඩායම මේ වන විට පන්දුවාර 35ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 186ක් රැස්කරගෙන සිටියි.
පන්දුවාර 26ක් අවසානයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 137ක් රැස්කර ගෙන සිටියි. ඛෙත්තාරම ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මේ වන විට අඳුරු වළාවන් දැකිය හැකිය. විදුලි පහන්ද දල්වා තිබේ. මොහොමඩ් හෆීස් 28* සෆ්රාස් අහමඩ් 7* නොදැවී පිටියේ රැඳී සිටිති.
දැවී ගිය ක්‍රීඩකයන්
අසාර් අලී 49
අහමඩ් ශෙෂාඩ් 44
පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින පාකිස්තාන කන්ඩායම මේ වන විට පන්දුවාර 11ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියි.
නායක අසාර් අලී හා අහමඩ් ශේෂාඩ් පිටියේ රැදී සිටිති. පසුගිය තරගයේදි මෙන්ම මේ දක්වා මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකිම පවතින්නේ දුර්වන මට්ටමකය.
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඛෙත්තාරම පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක අසාර් අලී මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දෙවැනි තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම තරගයට නම් කර තිබේ. පාකිස්තානය වෙනුවන් ඉමාන් වසීම් එක්දින වරම් හිමිකරගත් අතර ඔහු කණ්ඩායමට පැමිණීම හේතුවෙන් සුල්ෆිකාර් බාබර්ට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.