පාකිස්තාන පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් සාජාහි අද (20දා) අවසන් වූ තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයෙන්, ශ්රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 5 ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 1-1 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුනට හැකිවිය.
අද තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවූවා නම්, එය වසර 14 කට පසු මවුබිමෙන් පිටතදී පාකිස්තානය පරාජය කර තරගාවලි ජයක් ලබන පළමු අවස්ථාව ලෙස දෙරටේ වාර්තා අතරට එක්වන්නට ශ්රී ලංකාවට හැකියාව තිබිණ.
ලකුණු 302 ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිතිකරුවෝ දිනය නිමාවීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. පාකිස්තානු ජයග්රහණයේ නියමුවා බවට පත්වූ මිස්බා උල්හක් නොදැවී ලකුණු 68 රැස්කිරීමට සමත්විය. අසාර් අලි සිය ක්රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කරමින් මෙම තරගයේදී ලකුණු 103 රැස්කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවිය.
ඊයේ (19දා) තරගය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් බිඳ වැටී ලකුණු 133ක් රැස්කර, පාකිස්තානයට වඩා ලකුණු 220 ක් ඉදිරියෙන් සිටියද, අද (20දා) සෙසු කඩුලු 5 ලකුණු 81 තුළ දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ජයග්රහණය සඳහා පන්දුවාර 59 දී ලකුණු 302 ඉලක්කයක් හිමිවිය.
පසුගිය 16 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 95.3 ක් අවසානයේ ලකුණු 428/9 ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර, එයට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 341 ක් පමණි. තරගාවලියේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය.
ශ්රී ලංකාව පළමු ඉනිම 428/9 (පන්දුවාර 172)
දිල්රරවන් පෙරේරා 95 (පන්දු 247, 4x12, 6x2 )
ඇන්ජලෝ මැතිව්ස් 91 (පන්දු 256, 4x5, 6x1 )
කුමාර් සංගක්කාර 52 (පන්දු 103 , 4x5 )
මහේල ජයවර්ධන 47 (පන්දු , 4x5, 6x2 )
ප්රසන්න ජයවර්ධන 35 (පන්දු 77, 4x2 )
පාකිස්තානය පන්දු යැවීම
ජුනයිඩ් ඛාන් 3/81 (පන්දුවාර 32 )
මොහොමඩ් තල්හා 3/99 (පන්දුවාර 32 )
සහීඩ් අජ්මාල් 2/120 (පන්දුවාර 55 )
අබ්දුල් රෙහමාන් 1/101 (පන්දුවාර 50 )
පාකිස්තානය පළමු ඉනිම 341/10 (පන්දුවාර 109.1)
අහමඩ් ශේෂාඩ් 147 (පන්දු 275, 4x12, 6x1 )
මිස්බා උල් හක් 63 (පන්දු 113, 4x1, 6x3 )
කුරම් මන්සූර් 52 (පන්දු 125, 4x4 )
ශ්රී ලංකාව පන්දු යැවීම
රංගන හේරත් 125/5 (පන්දුවාර 38.1)
ශමින්ද එරංග 60/4 (පන්දුවාර 24)
දිල්රුවන් පෙරේරා 71/1 (පන්දුවාර 17)
ශ්රී ලංකාව දෙවැනි ඉනිම214/10 (පන්දුවාර 101.4)
ප්රසන්න ජයවර්ධන 49 (පන්දු 88, 4x6)
මහේල ජයවර්ධන 46 (පන්දු 144, 4x4, 6x1 )
කෞෂාල් සිල්වා 36 (පන්දු 94, 4x4)
ඇන්ජලෝ මැතිව්ස් 31 (පන්දු 128, 4x4)
පාකිස්තානය පන්දු යැවීම
අබ්දුල් රෙහමාන් 56/4 (පන්දුවාර 33)
මොහොමඩ් තල්හා 65/3 (පන්දුවාර 23)
සයීඩ් අජ්මාල් 53/3 (පන්දුවාර 25.4)
පාකිස්තානය දෙවැනි ඉනිම 302/5 (පන්දුවාර 57.3)
අසාර් අලි 103 (පන්දු 137, 4x6)
මිස්බා උල් හක් නොදැවී 68 (පන්දු 72, 4x4)
අෆ්රාස් අහමඩ් 48 (පන්දු 46, 4x4, 6x1 )
ශ්රී ලංකාව පන්දු යැවීම
සුරංග ලක්මාල් 79/3 (පන්දුවාර 12)
ඇන්ජලෝ මැතිව්ස් 48/1 (පන්දුවාර 11)
ශමින්ද එරංග 68/1 (පන්දුවාර 15.3)