පාසල් රග්බි තරගවලදී ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හා නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සහ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ ආරාක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
මෙම සිදුවීම් තුළින් ශ්‍රී ලංකා පාසල් රග්බි ක්‍රීඩාව අවදානමකට ලක්කර ඇති බවට පැවසූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සංගමය හා රග්බි විනිසුරුවන්ගේ සංගමය අතර, විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් තරග සඳහා විනිසුරුවන් සහභාගි නොකිරීමට තීරණය කෙරුණි.
ඉදිරියේදී ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි සංගමය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පාසල් බලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා, මෙම තත්ත්වය මග හරවාගෙන පාසල් රග්බි ක්‍රීඩාවේ විනය නැවතත් ඇති කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ සඳහා වූ සාකච්චාවක් හෙට (25දා) පැවැත්වීමට නියමිතය.