වේල්ස් 23 – 13 ෆිජී
ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (01දා) පැවැති ඒ කාණ්ඩයේ තරගයකින් ෆිජී කණ්ඩායම පරාජය කර ලකුණු 23 – 13 ක් ලෙස ජයලැබීමට වේල්සය සමත්විය.
ජයග්රාහී වේල්ස් ක්රීඩකයන් ගෝල දිනුම් 02 ක් හා දඬුවම් පහර 03 ක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, පරාජිත වේල්ස් ක්රීඩකයන්ට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක් හා දඬුවම් පහර 02ක් පමණි.
ප්රංශය 41 – 18 කැනඩාව
මෙම තරගාවලියේ ඩී කාණ්ඩයේ ඊයේ (01දා) පැවැති තවත් තරගයකින් කැනඩාව පරාජය කර ලකුණු 41 – 18 ක පහසු ජයක් ලැබීමට වත්මන් ලෝක අනුශූර ප්රංශ කණ්ඩායම සමත්විය.
ගෝල දිනුම් 05 ක් හා දඬුවම් පහර 02 ක් සාර්ථක කරගනිමින් ප්රංශය සිය ජයග්රහණය තහවුරු කරගත් අතර, පරාජිත කැනඩා කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර 02ක් සාර්ථක කරගත්හ.