දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දැන් පැවැත්වෙන 41 වන ජාතික මහා ක්රීඩා උලෙළේ පළමු ශ්රී ලංකා වාර්ථාව පිහිටුවීමට ඌව පළාත නියෝජනය කළ අයේෂා මධුවන්ති අද (19දා) සමත්වූවාය. මිටිය විසිකිරීම කාන්තා ඉසව්ව නියෝජනය කළ ඇය මීටර් 43.18 ක දක්ෂතාවයක් දක්වමින් මෙම වාර්ථාව පිහිටුවූවාය.
අයේෂා විසින් බිඳහෙලනු ලැබුවේ ඉකුත් වසරේ (2014) අනුරාධපුරයේ පැවැති 40 වැනි ජාතික මහා ක්රීඩා උලෙළේදී ඇය විසින්ම පිහිටුවා තිබූ මීටර් 42.74 ක වාර්තාවයි.
අයේෂා මධුවන්ති