පළමු තරග තුනෙන් චන්දිමාල්, තිරිමාන්න ඉවතට
- 22 10 2014
- 16:55
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්දීය තරග සංචාරයේ පළමු තරග තුන සඳහා ජාතික තේරීම් කමිටුව නම් කළ ශ්රී ලංකා සංචිතය අද (22දා) ප්රකාශයට පත්කළේය. දිනේෂ් චන්දිමාල් මෙන්ම, උපනායක ළහිරු තිරිමාන්න මෙම මෙම සංචිතයට ඇතුලත් නොවන අතර, යොවුන් කඩුලු රකින ක්රීඩක නිරෝෂන් දිල්වැල්ල හා දකුණත් මඳවේග පන්දු යවන ක්රීඩක ළහිරු ගමගේ අලුතින් කැඳවා ඇත. ඔවුන් දෙදෙනාම මෙතෙක් ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැත.
ඊට අමතර සුරාජ් රන්දීව්ද කණ්ඩායමට කැඳවා ඇති අතර, ඔහු 2011 වසරෙන් පසු මෙතෙක් ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැතශ්රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය මෙම මස 28 වැනිදා සිට නොවැම්බර් මස 18 වැනිදා දක්වා කාල වකවානුවේදී සිදුකෙරේ.
ශ්රී ලංකා සංචිතය
01.ඇන්ජලෝ මැතිව්ස් (නායක), 02. කුසල් ජනිත් පෙරේරා, 03. තිලකරත්න ඩිල්ශාන්, 04. උපුල් තරංග, 05. කුමාර් සංගක්කාර, 06. මහේල ජයවර්ධන, 07. අශාන් ප්රියන්ජන්, 08. නිරෝෂන් දික්වැල්ල, 09. තිසර පෙරේරා, 10. නුවන් කුලසේකර, 11. ධම්මික ප්රසාද්, 12. ළහිරු ගමගේ, 13. චතුරංග ද සිල්වා, 14. සීක්කුගේ ප්රසන්න, 15. සුරාජ් රන්දීව්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

