කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජයට පත් කරමින් පළමුවරට පැවති ආර්.අයි.ටී. අලස් රග්බි කුසලානය තමන් සතු කර ගැනීමට මරදාන සහිරා විදුහල සමත් විය. තරගයේ ජය සහිරා විදුහල විසින් දිනා ගත්තේ ලකුණු 19-17 ක් ලෙසිනි. වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේ පටන් ඉතා තියුණු තරගයක් දැකගත හැකි වූ අතර ඒ අනුව පළමු අර්ධය නිමා වුයේ ලකුණු 5-5 ක් ලෙස සහිරා විදුහල ඉදිරියෙන් සිටිමිනි. මෙම තරගය මෙවර අන්තර්පාසල් 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්විණි.
ජයග්රාහී සහිරා ක්රීඩකයින් ගෝල දිනුම් දෙකක් හා එක් උත්සාහක දිනුමක් මගින්ද , ඩී.එස්. සේනානායක විදුහල ගෝල දිනුමක් හා උත්සාහක දිනුම් දෙකක් මගින්ද සිය ලකුණු රැස් කළහ.
ජයග්රාහී සහිරා විදුහල් කණ්ඩායම
ඡායරූප- ඕෂිත වරකපිටිය