පසුගිය වර ශූරයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනිති.
- 30 09 2016
- 14:10
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
කොත්මලේ චොක්ස් 19 පහළ අන්තර්පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පසුගිය වර ශූරයන් වූ යාපනය ශා. හෙන්රි විදුහල සමත් විය.
ඒ ඊයේ (29) පැවැති තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල ගෝල 2-0 ක් ලෙසින්පරාජයට පත් කරමිනි. කොළඹ සිටි පාපන්දු ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සී. ක්රිශාන්ත් හා එන්.ලකී ශා. හෙන්රි කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කළ හ.
තරගාවලියේ 04 වැනි හා අවසන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද (30දා) කොළඹ සිටි පාපන්දු ක්රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කොළඹ සහිරා හා කඳාන ද මැසනද් විද්යාල ඒ වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

