ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර අසාෆා පවෙල්ට මාස 18ක තරග තහනමක් පැනවීමට ජැමෙයිකානු තහනම් උත්තේජන නිවාරණ කමිටුව කටයුතු කොට ඇත.
පවෙල්ට එරෙහිව පැවැති තහනම් උත්තේජක චෝදනාවලට ඔහු වැරදිකරු බවට ඔප්පු වූ අතර ඒ අනුව ඔහුට මෙසේ තරග තහනමක් පනවා තිබේ. කෙසේ නමුත් මෙම තරග තහනමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවද පවෙල් සඳහන් කරයි.
පවෙල්ට එරෙහිව පවතින තරග තහනම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ක්රියාත්මක වෙයි. හිටපු මීටර් 100 ලෝක ශූර පවෙල් වැඩිදුරටත් සඳහන් කළේ මෙම තරග තහනම අසාධාරණ බවයි.