පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විද්‍යාලයේ දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාඨශාලයීය දැල්පන්දු තරගාවලියේ ශූරතාව කළුතර බාලිකා විද්‍යාලයට හිමිකර දෙමින් ඊයේ (09දා) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
එහි අනුශරතාව මහාමායා විද්‍යාලයට හිමි වූ අතර, ආරාධිත පාසල් රැසක් වයස් කාණ්ඩ කිහිපයක් ඔස්සේ සහභාගී විය.
ත්‍යාග ප්රදානෝත්සවය සඳහා විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරියක වන ඊවා වනිසුන්දර මහත්මිය සහ දැල්පන්දු ජාතික කණ්ඩායම නියෝජනය කරන තර්ජනී ශිවලිංගම් ක්‍රීඩිකාවද සහභාගීවූහ.
සටහන හා ඡායාරූප - ශමීර රාජපක්ෂ