පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු හිසේ වේදනාවක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව තිබේ.
මැට් රෙන්ෂෝ නම් ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු මෙම සිදුවීමට මුහුණ දී තිබේ. ෂෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටින අවස්ථාවේදී පාකිස්තානු පිතිකරු සෆ්රාස් අහමඩ් එල්ල කළ පන්දුවක් ඔහුගේ ආරක්ෂිත හිස් වැස්මේ වැදී තිබේ.
අනතුරුව ඔහු පන්දුවාර දෙකක් ක්‍රීඩා කරමින් සිටියදී හිසේ වේදනාව හේතුවෙන් පිටියෙන් ඉවත්ව තිබේ. තරගයේ පළමු දිනයේදී ඔහු පන්දුවට පහරදෙමින් සිටියදී මොහොමඩ් අමීර් යොමුකළ පන්දුවක්ද හිසේ වැදීම හේතුවෙන් පිටිය තුළදී ප්‍රතිකාර ලබාදුන්නේය.
කෙසේවෙතත් ඔහු ඉන් පසුව පිතිකරණයේ යෙදෙමින් මංගල ටෙස්ට් ශතකයද වාර්තා කළේය. මේ අතර ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ද රෝගාතුර වීම හේතුවෙන් අද දිනයේදී පිටියෙන් ඉවත්ව ගියේය.
පන්දුවට පහරදෙමින් සිටින විට පන්දුව හිසේ වැඳුණ අවස්ථාව