පකිස්තානය ආසියාවේදී හොඳින් ක්‍රීඩාකරන බවත්, ඔවුන්ව පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. පළමු ටෙස්ට් තරගයට පෙරාතුව ගාල්ලේදී අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
"පකිස්තානය ආසියාවේ ක්‍රීඩාකරන විට ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන්ව පරාජය කරන්න අමාරුයි. අපි පකිස්තානයෙන් හොඳ අභියෝගයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. අපි මොන කණ්ඩායමත් සමග සෙල්ලම් කළත් තරග ජයගන්නම් හොඳින් ක්‍රීඩාකළ යුතුයි. ලංකාවේ ක්‍රීඩා කළා කියලා මොන කණ්ඩායමක්වත් ලේසියට ගන්න බෑ. තරගාවලිය ජයගැනීමට නම් හොඳින් ක්‍රීඩා කළ යුතුයි."
දකුණු අප්‍රිකාව හා පැවැති දෙවැනි තරගයට දඟපන්දු යවන්නන් තිදෙනෙක් යොදා ගත්තත් පකිස්තානයට එරෙහිව අමතර වේගපන්දු යවන්නෙකු සමග එක්වෙන බවත් මැතිව්ස් පවසා සිටියේය.
"අවාසනාවකට සුරංග ලක්මාල්ට ආබාධයක් නිසා ක්‍රීඩා කරන්න වෙන්නේ නෑ. සුරංග ලක්මාල් හා අජන්ත මෙන්ඩිස් නැතිව දකුණු අප්‍රිකාව හා පැවැති දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම එක්වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ශාමින්ද තරගයට සූදානම්. අපිට මේ තරගයට සුරංග ලක්මාල් හිටියා නම් ශාමින්ද එරංග සමග හොඳ තරගයක් දෙන්න පුළුවන්."
ළහිරු තිරිමාන්න මෙම තරගයට එක්වෙයිදැයි යනුවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මැතිව්ස්,
"අපිට අන්තිම තරගයට උපනායකයෙක් හිටියේ නෑ. කිත්රුවන්ට එක තරගයකට ක්‍රීඩා කරන්න දීලා එළියට දාන එකත් අසාධාරණයි. ළහිරු ගැන තවම තීරණයක් අරගෙන නෑ. මේ තරගයට ඔහු ක්‍රීඩා කරන්නේ නැත්නම් උපනායකයෙක් නෑ." යනුවෙන් පැවැසීය.
මහේල ඉක්මනින් දවාගන්න කටයුතු කරනවා
- පකිස්තානු නායක මිස්බා උල්හක්
"මේ ටෙස්ට් තරගාවලියට අපි ගොඩක් හොඳින් මහන්සි වුණා. අපි ක්‍රීඩා කරන්නේ ටික කාලයකට පසුවයි. නමුත් අපිට හොඳ පුහුණු කඳවුරු තිබුණා. මම හිතනවා හැම දෙනෙක්ම මෙම තරගාවලියට සූදානම් කියලා. මහේල මේ වනවිට ලෝකයේ සිටින දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුට ලකුණු ලබා නොදිය යුතුයි. මහේල ලකුණු ලබාගනිද්දී තරගයක් දින්න අමාරුයි. ඔහුව ඉක්මනින්ම දවා ගැනීමට අපි හොඳින් කටයුතු කරනවා. හේරත් හොඳින් ක්‍රීඩා කරනවා. අපි ඒ ගැන හොඳින් අවධානයෙන් ඉන්නවා. නමුත් අපේ පිතිකරුවන් ඔහුට හොඳින් මුහුණ දෙන්න සූදානම්."