වර්තමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා පවසයි. වර්තමානයේ ඇතිව තිබෙන නොස්සුන්කාරී තත්ත්වය පිළිබඳව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එසේම ආගම, ජාතිය පිළිබඳව නොසලකමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් තමන් අවුරුදු 25ක් යුද්ධයක් පැවැති කාලසීමාවකදී හැදී වැඩුණ බවත් නව පරම්පරාවට එවැනි තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය නොවන බවත් මහේල වැඩිදුරටත් පවසයි.
