මතභේදයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය, වත්මන් වැවිලි කර්මාන්ත නවීන් දිසානායක මහතා හා වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අතර මත දෙකක් පවතින බව දක්නට ලැබේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ ස්වෛරී රටකට ස්වෛරී ක්‍රීඩා නීතියක් තිබිය යුතු බවයි. නමුත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය ජාත්‍යන්තර වශයෙන් තිබෙන නීතිය හා බද්ධ විය යුතු බවයි.
දයාසිරි ජයසේකර මහතා වැඩ බාරගැනීමේ අවස්ථාව සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද එක්විය.
නවීන් දිසානායක අමාත්‍යවරයා අවසන් කළ තැනින් තමන් ඉදිරි කටයුතු පටන් ගන්නා බව දයාසිරි අමාත්‍යවරයා පැවසූ අතර නවීන් දිසානයාක අමාත්‍යවරයා පැවැසුවේ, දයාසිරි ඇමතිවරයාට ක්‍රීඩාව ලැබීම පිළිබඳව තමන් සතුටුවෙන බවයි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැක්වූ අදහස්
"නවින් දිසානායක මැතිතුමා කෙටි කාලයක් ඇතුළත බොහෝ මහන්සි වුණා. මම හිතන්නෙ‘ එතුමා නවත්තපු තැනින් අපිට පටන් ගන්න තියෙන්නේ. එතුමා ලොකු මහන්සියක් වුණා ක්‍රීඩාවට හයියක් දෙන්න. එතුමා ගත්ත ක්‍රියාමාර්ග මම ආපසු හරවන්නේ නෑ. (මේ ක්‍රීඩා නීතිය නිසා) අපි ජාත්‍යන්තරවත් විශාල රණ්ඩුවකට යනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංගම් අතරත් රණ්ඩු.
මේක බේරගන්නෙ කොහොමද කියලා අවධානය යොමු කළ යුතුයි. අපි ජාත්‍යන්තර නීතියට අනුව බද්ධ වෙන්න ඕන. මොකද අපි ලෝකයේ වැදගත් රටක් වෙන්න නම් ජාත්‍යන්තර නීති සමග බද්ධ වෙන්න වෙයි. ඒ නිසා රටට අවශ්‍ය නීති හදනවා වගේම ජාත්‍යන්තරව අපි ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා හිතන්න වෙයි. මොකද ලංකාව තියෙන්නෙ ලෝකය ඇතුළෙ මිසක, ලෝකය තියෙන්නේ ලංකාව ඇතුළෙ නෙමෙයි"
හිටපු ක්‍රීඩා අමාත්‍ය, වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා දැක්වූ අදහස්,
"මම බාරගන්න කොට ක්‍රීඩා නීතිය තිබුණා. ඒකට අයි.ඕ.සී. එකෙන් ප්‍රශ්නෙ ආවේ අවුරුදු හතරේ නීතිය නිසා. දැන් අලුත් නීතිය ගැසට් කරන්න විතරයි තියෙන්නේ. ක්‍රීඩා සංගම්වලට සම්පූර්ණ නිදහස අවශ්‍යයි. මම හිටියේ වෙන මතයක. මම හිතන්නේ දයාසිරිත් ඒ මතයේ සිටිය යුතුයි. ඒ තමයි ස්වෛරී රජයක ක්‍රීඩා ඇමතිවරයාට නිදහසේ කටයුතු කරන්න අවශ්‍ය වෙන්න ඕන.
එහෙම නැත්නම් ඒක ක්‍රීඩා නිතියක්ද? සමබරතාවක් තිබිය යුතුයි. අයි.ඕ.සී. එකත් එක්ක ගැටුමකට ගිහින් මේ ප්‍රශ්නෙ විසඳගන්න බෑ. මට විශාල විශ්වාසයක් තියෙනවා තරුණ බුද්ධිමත් ඇමතිවරයෙක් වශයෙන් එතුමාට ඒ හැකියාව තිබෙනවා. එකේ කිසිම කතා දෙකක් නෑ. මම ඉතාමත් සතුටුයි දයාසිරි ඇමතිතුමා ක්‍රීඩාවට පැමිණීම ගැන" යනුවෙන් පැවසීය.