ප්රබල මහනුවර ක්රීඩා සමාජය ලකුණු 34-18 ලෙස පරාජය කර අද (15දා) වැලිසරදී පැවැති ඩයලොග් රග්බි ලීග් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට නාවික හමුදා ක්රීඩා සමාජය සමත්විය. ඒ අනුව ඔවුන්ට 2013/14 ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට හැකිවිය.
නාවික හමුදා කණ්ඩායම ගෝල දිණුම් 4ක් හා දඩුවම් පහර 2ක් සාර්ථක කරගැනීමට සමත්වූ අතර, පරාජිත මහනුවර කණ්ඩායමට සාර්ථක කර ගැනීමට හැකිවූයේ උත්සාහක දිණුම් 3ක් හා දඩුවම් පහරක් පමණි.
මේ අතර අද නාවලපිටියේ පැවැති තවත් තරගයකින් කඳුරට සිංහ කණ්ඩායම පරාජය කර 29-25 ලෙස ජය හිමිකර ගැනීමට හැව්ලොක් කණ්ඩායම සමත්විය. තරගාවලිය ලබන සතියේ අවසන්වන අතර, එම තරග ප්රතිඵල නාවික ජයග්රහණයට කිසිදු බලපෑමක් නොවේ.