නවසීලන්ත කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවර 20 තුළදී ලකුණු 151ක් රැස් කළේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට හිමිවූයේ ඔවුන්ගේ පන්දුවාර 20-20 ඉතිහාසයේ සාර්ථකම හඹායාමේ ඉලක්කයයි.
මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 65ක් රැස්කරමින් පන්දුවාර 20-20 තරග වලදි තම පෞද්ගලික ලකුණු ප්‍රමාණය 2044 දක්වා ඉහළ නංවාගත්තේය. එය පන්දුවාර 20-20 තරගවලදී පිතිකරුවෙක් ලකුණු 2000 පසුකර ගිය පළමු අවස්ථාව ලෙසින්ද ඉතිහාසයට එක්විය.
නෙදර්ලන්තය 151/4 (පන්දුවාර 20)
නවසීලන්තය 152/4 (පන්දුවාර 19)