නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
- 12 07 2017
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
බොට්ස්වානා රාජ්‍යයේ ගැබරෝන්හිදී මේ දිනවල පැවැත්වෙන දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු වටයේ අවසන් තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 125-15ක වාර්තාගත පරාජයක් අත්විඳීමට සිදුවිය.
මෙම ලකුණු තත්ත්වය මෙවර තරගාවලිය තුළ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු තත්ත්වය වන අතර, මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිංගප්පූරුව හමුවේ ලකුණු 119-12ක් ලෙස ජයගැනීම ඉහළම ලකුණු තත්ත්වය ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේදී තරග 04කට සහභාගි වූ අතර, එම සියලුම තරග පරාජයට පත්වීම සුවිශේෂීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
