සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටින නවසීලන්ත කණ්ඩායම කඩුලු පහකට ලකුණු 253ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්රී ලංකා පළමු ඉනිමට වඩා නවසීලන්ත දෙවැනි ඉනිම කඩුලු පහක් අතැතිව ලකුණු 118ක් ඉදිරියෙන් සිටියි. කේන් විලියම්සන් හා බී.ජේ. වොට්ලින් හයවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 94ක් සබඳතාවක් පවත්වති.
නවසීලන්ත ඉනිමේ කඩලු පහ අද දිනයේදී බිඳ වැටුණු අතර එයින් කඩුලු තුනකම හිමිකරුවා වූයේ නුවන් ප්රදීප්ය.