සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා චැපල්-හැඩ්ලි කුසලානයේ හැමිල්ටන් හිදී පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට නවසිලන්තය සමත් විය. මේ අනුව තරග තුනකින් යුත් තරගාවලියේ ජය තරග 2-0 ක් ලෙසින් හිමිකර ගැනීමටද ඔවුහු සමත් වූහ.
තරගයේ ලකුණු 282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානුවන්ට පන්දුවාර 47කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 257 ක් පමණි. ඔස්ට්‍රේලියානු ඉනිම වැනසූ ට්‍රෙන්ට් බෝල්ට් එහිදී කඩුළු 6ක් බිඳහෙලූ අතර, ඒ අනුව තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.
තරගාවලියේ පළමු තරගයේ ජයද නවසීලන්තය සතු වූ අතර, වර්ෂාව හේතුවෙන් දෙවැනි තරගය අතහැර දැමිණ.