ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සමත් විය. ඒ තරගාවලියේ අද (27) පැවති අවසන් පූර්ව තරගයේදී බල්ගේරියාවේ ග්‍රිගෝර් දිමිත්රෝව් තරග වට 3-2 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 6-3, 5-7, 7-6 ක් 6-7 ක් හා 6-4 ක් ලෙසිනි. නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් සිව්වැනි අවස්ථාව ලෙසින් මෙය ඉතිහාස ගත විය.
මේ අනුව නඩාල් එළඹෙන ඉරිදා (29) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයේදී ස්විට්ස්ලන්තයේ රොජර් ෆෙඩරර් සමගින් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.