ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් පිටියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාව හා අද (30දා) නිමාව දුටු තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව දෝනි ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
මෙම තරගය ජයපැරදුමෙන් තොරව අවසන්වීමෙන් පසුව දෝනි මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් ඔහු එක්දින හා පන්දුවාර විස්සයි20 පිටියේ තවදුරටත් රැදී සිටිනු ඇත.
2005 වසරේදී ටෙස්ටි පිටියට පිවිසි දෝනි ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කර තිබේ. එයින් තරග 61කදීම ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හොබවා තිබේ.
ග්‍රැපික් නිර්මාණය - මංජු ප්‍රදීප්