දිල්ලි කඩුලු හයක ජයක් ලබයි
- 20 04 2014
- 10:02
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (19දා) රාත්රියේ ඩුබායිහිදී පැවැති තරගයෙන් කඩුලු හතරක පහසු ජයක් ලැබීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.
ලකුණු 167 ජයග්රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි පිතිකරුවෝ කඩුලු හයක් පමණක් දැවී තරගයේ 19.3 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත් වූහ. ජයග්රහණය වේගවත් කළ ජේ.පී දුමිනි ලකුණු 52 රැස්කිරීමට සමත් විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන ලැබුවේය.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 166ක් රැස්කිරීමට සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් 166/5 (පන්දුවාර 20)
රොබින් උතප්පා 55 (පන්දු 41, 4x6, 6x1)
මනීෂ් පාන්ඩේ 48 (පන්දු 42, 4x5)
නේදන් කොට්ලර්-නයිල් 27/2 (පන්දුවාර 4)
මොහොමඩ් ශාමි 33/1 (පන්දුවාර 4)
දිල්ලි ඩෙයාඩෙවිල්ස් 167/6 (පන්දුවාර 19.3)
ජේ.පී ඩුමිනි නොදැවී 52 (පන්දු 35, 4x3, 6x3)
දිනේෂ් කාර්තික් 56 (පන්දු 40, 4x5, 6x2)
මොනේ මොකල් 41/2 (පන්දුවාර 4)
සුනිල් නරීන් 18/1 (පන්දුවාර 4)
ඡායාරූපය BCCI ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

