දශක දෙකක් සම්පූර්ණ වෙන අමතක නොවන තරගය
ආර්. ප්‍රේමදාස පිටියේදී සනත් ජයසූරිය හා රොෂාන් මහානාම එක්ව ක්‍රිකට් පිටියේ නව පෙරළිය් ඇතිකළ ඒ සුවිශේෂී ටෙස්ට් තරගය මීට වසර 20කට පෙර අද වැනි දවස ඉන්දීය කණ්ඩායමට එරෙහිව ආරම්භවිය. එවැනි ඉතිහාස ගත අවස්ථාවක ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටියි.
එම තරගයේදී ජයසූරිය හා මහානාම එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 597 ක වාර්තා ගත සබඳතාවක් පැවැත්වීය.(එය ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ දෙවැනි ඉහළම ලකුණු සබඳතාවය වෙයි. තුන්වැනි විකට්ටුව වෙනුවෙන් සංගා හා මහේල 2006 දී කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වූ ලකුණු 624 ක සබඳතාව ඕනෑම විකට්ටුවක් වෙනුවෙන් ටෙස්ට් පිටියේදි වාර්තා වූ ඉහළම සබඳතාවය වෙයි) එයට දැන් වසර 20කි. ජයසූරිය ලංකාවේ පළමු ත්‍රිත්ව ශතක ලාභියා බවට පත්වී දැන් වසර 20ක් ගතවී අවසන්ය. ටෙස්ට් පිටියේ ඉනිමක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ කණ්ඩායම (952/6) බවට ශ්‍රී ලංකාව පත්ව දැන් වසර 20ක් ගත්වී අවසන්ය.
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී 1997 වසරේ අගෝස්තු මස 2 දා සිට අගෝස්තු මස 6 දක්වා පැවැති පළමු ටෙස්ට් තරගය වාර්තා රාශියක් ක්‍රිකට් පිටියට එක්කළ තරගයක් විය. තරගයේ දින පහ පුරාම වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 1389කි. ඒ සඳහා වැය වූයේ කඩුලු 14ක් පමණි.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ශතක තුනක් සමගින් කඩුලු අටට ලකුණු 537ක් රැස්කළේය. නව්ජොත් සින්දු (111), සචින් තෙන්ඩුල්කාර් (143) හා මොහොමඩ් අසාරුඩීන් (126) එහිදී ඉන්දියාව වෙනුවෙන් ශත රැස්කළේය. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුනු 952ක් ලෙස ඉනිම අත්හිටුවීය.
ජයසූරිය ලකුණු 340, රොෂාන් මහානාම ලකුණු 225ක් අරවින්දද සිල්වා ලකුණු 126ක් එහිදී රැස්කළේය. තරගය පැවැති ආර්. ප්‍රේමදාස පිටිය පන්දු යවන්න්නට නපුරු සිහන ගෙන ආ රාත්‍රියක් විය. ජයසූරිය හා මහානාම අනුකම්පි විරහිතව ඉන්දීය පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළේය. කෙසේ වෙතත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහිවූ තවත් සුපිරි නායකයෙකු මෙන් පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධනගේ මංගල ටෙස්ට් තරගය වූ අතර එහිදී ඔහු අර්ධ ශතකයක් (66) වාර්තා කිරිමටත් සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

