දකුණු අප්රිකාවට ලකුණු 53ක ජයක්
සංචාරක දකුණු අප්රිකා කාන්තා කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 53 ක පහසු ජයක් හිමිකරගැනීමට දකුණු අප්රිකානු කාන්තා කණඩායම අද (15දා) සමත්විය. ඒ අනුව තරග හතරකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් දකුණු අප්රිකානු ක්රීඩිකාවෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 225ක් රැස්කරනු ලැබීය. සිවුවැනි කඩුල්ල හා පස්වැනි කඩුල්ල සඳහා සාර්ථක සබඳතා ගොඩනගමින් දකුණු අප්රිකා ඉනිම ගොඩනැංවීමට නොදැවී ලකුණු 89ක් රැස්කළ මාරිසැන්නේ කැප් සමත්වුවාය.
ලකුණු 226ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු නවයකට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172ක් පමණි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 53 ක පරාජයක් හිමිවිය.මෙම තරගයේදී ශ්රී ලංකාව වෙනුවෙන් අමා කාංචනා හා හෂිනි පෙරේරා එක්දින වරම් හිමිකරගත්හ.
දකුණු අප්රිකාව 225/08 (පන්දුවාර 50)
මාරිසැන්නේ කැප් 89* (පන්දු 90, 4x8)
ලිසෙල්ලේ ලී 72 (පන්දු 103, 4x8, 6x2)
ඩෑන් වෑන් නිකේර්ක් 29 (පන්දු 35, 4x2, 6x1)
ඒෂානි ලොකුසූරිය 24/2 (පන්දුවාර 8)
අමා කාංචනා 30/2 (පන්දුවාර 6)
ශ්රී ලංකාව 172/09 (පන්දුවාර 50)
ඒෂානි ලොකුසූරිය 59 (පන්දු 55, 4x8, 6x1)
චමරි අතපත්තු 34 (පන්දු 53, 4x4)
අමා කාංචනා 18 (පන්දු 29, 4x2)
යොලානි ෆෝරී 18/2 (පන්දුවාර 5)
ඩෑන් වෑන් නිකේර්ක් 18/2 (පන්දුවාර 10)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

