ජපානය 34 - 32 දකුණු අප්රිකාව
රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (19දා) පැවැති 'බී' කාණ්ඩයේ තරගයකින් ලෝක ශූරතා දෙකකට හිමිකම් කියන ප්රබල දකුණු අප්රිකානු කණ්ඩායම පරාජය කර ලකුණු 34-32ක තියුණු ජයක් වාර්තා කිරීමට ජපානය සමත්විය. ආසියාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ එකම කණ්ඩායම ජපානය වේ.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දකුණු අප්රිකාව ලැබූ දරුණුතම පරාජය මෙය වන අතර, ඔවුන් 1995 හා 2007 වර්ෂයන්හි ලෝක ශුරතා හිමිකරගෙන ඇත. ජපාන කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක ලැබූ දෙවැනි ජයග්රහණය වන අතර, අවසන්වරට ඔවුන් 1991 වසරේදී සිම්බාවේ කණ්ඩායමට පරාජය කර තිබුණි.
මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 12-10ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්රිකාව සමත්වුවත්, දෙවැනි අර්ධයේදී ආක්රමණශීලී ක්රීඩා විලාශයක් පෙන්වූ ජපාන ක්රීඩකයේ එම අරධයේදී ලකුණු 24ක් රැස්කර ගනිද්දී දකුණු අප්රිකාවට රැස්කළ හැකි වූයේ ලකුණු 20ක් පමණි. තරයේ අවසන් විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කිරිමට කාර්නේ හෙස්කෙත් සමත් වීමෙන් ජපානයේ ජය තහවුරු විය.
ජෝර්ජියා 17 – 10 ටොංගා
මේ අතර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ (19දා) පැවැති ‘සී’ කාණ්ඩයේ තරගයකින් ටොංගා කණ්ඩායම පරාජය කර ලකුණු 17 – 10 ක් ලෙස ජයගැනීමට ජෝර්ජියා කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ ආරම්භයේදී කණ්ඩායම් දෙකෙන්ම සටන්කාමී ආරම්භයක් දිස්වූ අතර, ඒ හේතුවෙන් පළමු මිනිත්තු 20 අවසන් වනවිට දඩුවම් පහර බැගින් සාර්ථක කරගනිමින් ලකුණු 03 – 03 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වනවිට ජෝර්ජියා නායක මනුකා ජෝගොඩ්සි වාර්තා කළ උත්සහාක දිනුම හා එය සාර්ථකව ප්රවර්ථය කරගැනීම හේතුවෙන් 10 – 03 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඔවුන්ට හැකිවිය.
දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 20 ගතවන විට තවදුරටත් ටොංගා කණ්ඩායමෙන් ජයග්රහණය ඈත්කළ ජෝර්ජියාව තවත් ගෝල දිනුමක් වාර්තා කර 17 – 03 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්විය. කෙසේ නමුත් අවසන් මිනිත්තු 20 තුල යම් තරගයක් ලබාදුන් ටොංගා ක්රීඩකයෝ ගෝල දිනුමක් වාර්තා කර තරයට අවතීර්ණ විය. නමුත් නියමිත කාලය අවසන් වනවිට ඔවුන්ට ප්රතිවාදී ජෝර්ජියා කණ්ඩායම අභිබවායාමට නොහැකිවූ අතර, ඒ හේතුවෙන් සමස්ත කාලය අවසන් වනවිට ලකුණු 17 -10 ක් ලෙස තරගයේ ජය ජෝර්ජියාවට හිමිවිය. මෙම තරගයේදී ජොර්ජියා ක්රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක් වාර්කිරීමට සමත්වූ අතර, එය ලෝක කුසලාන තරගාවලියක ඔවුන් උත්සාහක දිනුම් එකකට වඩා වාර්තා කළ දෙවැනි අවස්තාව විය.
ප්රංශය 32 - 10 ඉතාලිය
එම තරගයට අමතරව ඊයේ (19දා) පැවැති 'ඩී' කාණ්ඩයේ තරගයකින් වත්මන් ලෝක අනුශූර ප්රංශය විසින් ලකුණු 32 -10 ක් ලෙස ඉතාලිය පහසුවෙන් පරාජය කළේය. ජයග්රාහී ප්රංශ කණ්ඩායම ගෝල දිණුම් 02 ක් හා දඩුවම් පහර 06 ක් සාර්තක කරගැනීමට සමත්වූ අතර, ඉතාලියට සාර්ථක කරගැනීමට හැකිවූයේ ගෝල දිණුමක් හා දඩුවම් පහරක් පමණි.
අයර්ලන්තය 50 - 07 කැනඩාව
'ඩී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති තවත් තරගයකින් අයර්ලන්තය හමුවේ ලකුණු 50 - 07 ක් ලෙස පරාජයවීමට කැනඩාවට සිදුවිය. ගෝල දිණුම් 06ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආදාරයෙන් අයර්ලන්තය තම ජයග්රහණය තහවුරුකරගනිද්දී, කැනඩාවට සාර්ථකකරගැනීමට හැකිවූයේ ගෝල දිනුමක් පමණි.