දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගය දකුණු අප්‍රිකාව ජයගතහොත් ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්විමට ඔවුන්ට හැකියාව ලැබේ.
මේ වන විට පවතින එක්දින ශ්‍රේණිගත කිරීම්හි දකුණ අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ප්‍රසාද ලකුණු 118ක් ලබාගනිමිනි. පළමු ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියා කණ්ඩායමද ප්‍රසාද ලකුණු 118ක් හිමිකරගෙන තිබේ.
අද තරගය දකුණු අප්‍රිකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණක් හිමිවන අතර ඒ අනුව ඔවුන්ට අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්විමට අවස්ථාව තිබේ.