ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක දකුණු අප්‍රිකාව ජයගතහොත් ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්විමට ඔවුන් අවස්ථාව ලැබේ.
මේ වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 118ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන අතර පළමු ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඇත්තේද ප්‍රසාද ලකුණු 118කි.
ශ්‍රී ලංකාවට එරෙහිව පවතින තරග දෙක ජයගැනිම හරහා ඔවුන්ට ප්‍රසාද ලකුණක් හිමිවන අතර ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියා කණ්ඩායම අභිභවා යාමට අවස්ථාව ලැබෙයි.
අයි.සී.සී. නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම් ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයේ පසුවෙයි. නවසීලන්ත කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමත්, ඉන්දීය කණ්ඩායම එක් ස්ථානයක් පසුපසට යෑමත් නවතම ශ්‍රේණිගත කිරීම්හි සිදුව ඇති වෙනසයි.