ඉන්දීය කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී තේ පාලනය සඳහා තරගය නිමා කරන විට මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 59කදී ලකුණු151/4ක් රැස්කරගෙන සිටිති.
නායක දිනේෂ් චන්දිමාල් 47* නිරෝෂන් දික්වැල්ල 18* නොදැවී පිටියේ රැඳී සිටිති. දිමුත් කරුණාරත්න ලකුණු 51කට දැවී ගියේය. ඊට අමතරව සදීර සමරවිකුම 13, ඇන්ජලෝ මැත්විස් 10 හා ළහිරු තිරිමාන්න ලකුණු 9කට දැවී ගියේය.
ඉෂාන්ත් ශර්මා කඩුලු 2, අශ්වින් හා ජඩේජා එක් කඩුල්ල බැගින් දවාගත්හ.