සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩයාම අතර ඕක්ලන්ඩ්හි අද (17දා) පැවැති තෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට විනිසුරෝ තීරණය කළහ.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය.
තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර තරගය අත්හැර දමන විට නවසීලනත් කණ්ඩායම පන්දුවාර 28.5 අවසානයේදී කඩුලු තුනකට ලකුණු 145ක් රැස්කරගෙන සිටියේය.
බිඳ වැටුුණු කඩුලු තුනම නායක ඇන්ජලෝ මැතිව්ස් දවාගත්තේය.
තරග තුනක් අවසානයේදී දෙපිළම තරග 1-1ක් ලෙස ජයගෙන තිබේ.