තරිඳු කෞෂාල්ට අන්තර්ජාතික ක්‍රිකට් පිටිය තුල ඉදිරියේදි පිටදඟ පන්දුව යොමුකළ හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (29දා) නිවේදනය කළේය. කෙසේ නමුත් නියමිත අංෂක 15 සීමාව ඉක්මවා යන හෙයින් ඔහුට දුෂ්රා පන්දුව යැවිය නොහැකි බව එහි සඳහන්ව ඇත. ඒ අනුව එළබෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ සිට පිටදඟ පන්දු යවන්නෙකු ලෙස ඔහුට සිය දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදිය හැක.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී තරිඳු කෞෂාල්ගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඔහු ඉකුත් 14 වැනිදා ඉන්දියාවේ චෙන්නාහි රාමාචන්ද්ර විශ්වවිද්‍යාලයේදී ඉරියව් පරීක්ෂණයක් සඳහා පෙනී සිටියේය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තරිඳුට මෙම තීරණය ලබාදි ඇත.