නියමිත කාල සීමාවට සිය පන්දුවාර යොමු කිරීමට ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ඊයේ (23දා) කොදෙව් කණ්ඩායම හා පැවැති තරගයෙන් පසුව ශ්රී ලංකා කණ්ඩායමට දඩ පනවා තිබේ.
ඒ අනුව තරගයේදී නායකයා වශයෙන් කටයුතු කළ උපුල් තරංගගේ තරග ගාස්තුවෙන් 40%ක් හා අනෙකුත් ක්රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 20%ක් ලෙස දඩ පැනවීමට තරග තීරක වශයෙන් කටයුතු කරන ජවගල්ලේ ශ්රී නාත් මහතා කටයුතු කර තිබේ.
එසේම තවත් වසරක කාලයක් තුළ ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන අවස්ථාවක මෙම වරද සිදුකළ හොත් ඔහුට තරග තහනමක්ද පැනවෙනු ඇත. මෙම වරද තරංග පිළිගෙන තිබේ.