පළමු දිනය නිමා වනවිට පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 88 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 261 රැස්කරගෙන සිටියහ. පස්වැනි කඩුල්ලට ලකුණු 105ක නොබිඳුණු සබඳතාවක් පවත්වා සිටින යුනිස් ඛාන් ලකුණු 133ක් හා අසාද් ශාෆික් ලකුණු 55ක් රැස්කරගෙන සිටිති.
4.59 P.M. පාකිස්තානු ඉනිමේ නැංගුරම බවට පත්ව ඇති යුනිස් ඛාන් ශ්රී ලංකාවට එරෙහිව වේගවත් ප්රහාරයක් දියත්කරමින් සිටියි. ඔහු සිය ටෙස්ට් දිවියේ 24වැනි ටෙස්ට් ශතකයද වාර්තා කිරීමට සමත්විය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 75ක් අවසානයේදී කඩුලු 4ට ලකුණු 217ක් රැස්කරගෙන සිටියි.
යුනිස් 110* අශාඩ් 34*
3.45 P.M පාකිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස නායක මිස්බා උල්හක් (පන්දුවාර 57.4) දවාගැනීමට හේරත් සමත්විය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාට 58 අවසානයේදී ලකුණු 156 රැස්කරගෙන සිටියි.
යුනිස් ඛාන් 84* අශාඩ් ශාෆික් 0*
Misbah-ul-Haq c †Dickwella b Herath 31 (100b 2x4 0x6) SR: 31.00
2.10 P.M දිවා ආහාරයෙන් පසුව පාකිස්තානු ඉනිම ක්රමයෙන් ගොඩනැගීමට නායක මිස්බා උල්හක් හා යුනිස් ඛාන් සමත්විය. පන්දුවාර 40 ක් අවසානයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 83ක් රැස්කරගෙන සිටියි.
යුනිස් ඛාන් 37* මිස්බා 7*
12.30 P.M. දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 26ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 59ක් රැස්කරගෙන සිටියි.
යුනිස් ඛාන් 21* මිස්බා 0*
12.18 A. M. පාකිස්තානු කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස අසාර් අලී (පන්දුවාර 21.6) පිටියෙන් ඉවත්කිරීමට රංගන හේරත් සමත්විය. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේදී ලකුණු 58ක් රැස්කරගෙන සිටියි.
Azhar Ali b Herath 30 (69b 5x4 0x6) SR: 43.47
11.06 A. M. පාකිස්තානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස කුරාම් මන්සූර් (5.4) දවා ගැනීමට ධම්මික ප්රසාද් සමත්විය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම මේවන විට පන්දුවාර 7ක් අවසානයේදී කඩුලු දෙකට ලකුණු 19ක් රැස්කරගෙන සිටියි.
Khurram Manzoor lbw b Prasad 3 (19b 0x4 0x6) SR: 15.78
10.42 A. M. ධම්මික ප්රසාද් යොමුකළ පළමු පන්දුවාරයේදීම අහමඩ් ශේෂාඩ් (පන්දුවාර 1.3) දවා ගැනීමට සමත්විය. පන්දුවාර දෙකක් අවසානයේදී පාකිස්තානය එක් කඩුල්ලට ලකුණු 4ක් රැස්කරගෙන සිටියි.
Ahmed Shehzad b Prasad 4 (3b 1x4 0x6) SR: 133.33
10.09 A. M. කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට සූදානමින් සිටියි.
ශ්රී ලංකා කණ්ඩායම - තරංග, කෞෂාල්, සංගක්කාර, මහේල, මැතිව්ස්, විතානගේ, දික්වැල්ල, දිල්රුවන්, ධම්මික ප්රසාද්, රංගන හේරත්, ශාමින්ද එරංග.
පාකිස්තාන කණ්ඩායම- කුරාම් මන්සූර්, ශේෂාඩ්, අසාර් අලී, යුනිෂ් ඛාන්, මිස්බා, අශාද් ශාෆික්, සෆ්රාස් අහමඩ්, අබ්දුර් රෙහෙමාන්, ජුනයිඩ් ඛාන්, සහීඩ් අජ්මාල්, මොහොමඩ් තලා
9.51 A.M. ගාල්ලට ඊයේ (05දා) අැද හැලුණු වර්ෂාව හේතුවෙන් පාකිස්තානය හා ශ්රී ලංකාව අතර ආරම්භවීමට නියමිතය තිබූ පළමු ටෙස්ට් තරගය මද වේලාවකට කල් දැමීමට සිදුව තිබේ.