ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයක් පැවැත්වෙද්දී සාමාන්‍යයෙන් එම තරගය ආරම්භ කිරීමේ සංඥාව වශයෙන් ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන ඝංඨාරය (බෙල්) නාදකිරීම සිදුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද (09දා) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය ආරම්භ කිරීමේ සංඥාව නිකුත් කළේ ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු මෙන්ම ලෝකයේ ටෙස්ට් ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරටය.
සංගා 2015 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව මෙම අවස්ථාවට තෝරා ගැනීම විශේෂ සිද්ධියක් විය. තරගය නැරඹීම සඳහා එඩිම්බරෝ රාජකුමාර පිලිප් හා රාජකීයයන්ද එක්ව සිටියහ.