ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගී වන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සහභාගී වීමට ප්‍රථම තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතු බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසයි.
තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නිළධාරීන් සහ අමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම අතරතුර තහනම් උත්තේජක පරීක්ෂණ වලට යොමු කිරීම හා තහනම් උත්තේජක සම්බන්ධයෙන් දැනුවත් වීම අනිවාරයෙන්ම සිදු කළ යුතු බව මෙහිදී අවධානය යොමුවිය.
තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් විසින් එකී තරඟ පැවැත්වෙන දිනට, මසකට පෙර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු කිරීම මෙහි දී තීරණය විය.