බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලියේ ෂිලෙට් සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක උපුල් තරග එම තරගාවලියේ පිට පිටම තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කිරීමට ඊයේ (07දා) සමත්විය.
ඒ රජ්ෂානි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරයේදීය. තරංග මෙහිදී පන්දු 37ට ලකුණු 50ක් වාර්තා කිරීමට සමත්විය. එයට හතරේ පහර පහක් හා එක් හයේ පහරක් ඇතුළත්විය.
ෂිල්හෙට් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු හයට ලකුණු 205ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 8ට රැස්කළ හැකිවූයේ ලකුණු 172ක් පමණි.
තරගාවලියේ ෂිලෙට් කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි20 තරග 17කට ක්‍රීඩා කර ඇති තරංග ලකුණු 221ක් රැස්කර ඇතැත් ඔහු තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම විස්සයි20 අර්ධ ශතකයක් හෝ රැස්කර නොමැත.
එසේම ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති අවසන් පන්දුවාර විස්සයි20 තරග 10දී රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 24කි. විස්සයි20 පිටියේදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 37කි.